Monday, October 4, 2010

Process එකක ව්‍යුහය 1

අප ‍විසින් සකස් කරන program එකක් අවසන් වශයෙන් පරිගණකය තුළ execute වී‍ම සිදුවන ආකාරය පැහැදිලි කරන්නට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙනවා. මේකෙදි කතා කරන්නෙ execute වී‍මට අවශ්‍ය මූලිකම ‍දේවල් ටිකක් ගැන විතරයි.

අපි program එකක් සකස් කළ විට ඒක ගොඩක් සංවිධානාත්මකව තියෙනවා. ඒක බලපු ගමන් අපට එයින් සිදුවන දේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. නමුත් පරිගණකය‍ට ඒ දේ කරන්න බැහැ. එයට එකින් එක සිදු කල යුතු සියලුම දේවල් කියන්න ඕනි. මේ අපි තේරුම් ගත යුතු වැදගත්ම දෙයක්. කල යුතු ඉතාමත් සුළු පිය‍වරක් උනත් ප‍රිගණකය‍ට අපි විසින් කියන්න ඕනි. මේක මෙහෙම කියද්දි ‍හොදට දන්න දෙයක් කියල හිතුනත් ඒක එච්චර ලේසියෙන් තේරුම් යන්නෙ නෑ. ඒ ගැන හොදින් හිතල බලන්න. ඒත් ඔබ code එකක් ලියද්දි මේ හැම පියවරක්ම ලියන්නෙ නෑනෙ. ඒත් ඔබ code එක compile  කලාම compiler එක ඔබ වෙනුවෙන් ඒ දේවල් සිදු කරල දෙනවා. Assembly code එකක් ලියද්දි ඔබ මේ කරුණ ගැන හරියටම තේරුම් අරගෙන තියෙන්න ඕනි. මොකද assembly code එකක් කියන්නෙ compile  කලාට පස්සෙ ලැබෙන එකක්. NASM ‍වගේ assembler එකකින් කරන්නෙ ඔබේ assembly code එක machine code එකට හරවන එක විතරයි. (මම දන්න විදියට)

අපි සරල code එකක් භාවිතා කරල මේ ක්‍රියාවලිය පැහැදිලි කර ගනිමු.